වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 02කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 4780ක් පමණ සිටි. ඉන් ප්‍රතිලාභීන් 262දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය. 2018 වර්ෂය සඳහා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩ සටහන් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල පිළිබඳ තොරතුරු මෙසේය.

  වැඩ සටහන ක්‍රියාත්මක කරන සංඛ්‍යාව ප්‍රතිපාදන ප්‍රමාණය
01 සමෘද්ධි අරුණළු කුඩා හා මධ්‍ය පරිමාණ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන 43

1,477,575.00

02

සමාජ සංවර්ධන හා පරිසර සංවර්ධන වැඩ සටහන

04 334,260.00
03

දිරිය පියස නිවාස සංවර්ධන වැඩ සටහන

03 600,000.00
04 සමෘද්ධි ආදර්ශ ගෙවතු සංවර්ධන වැඩ සටහන 05

214,700.00

 05 ජංගම අලෙවි රථ ලබා දීමේ වැඩසටහන 04 200,000.00

සමෘද්ධි අරුණළු කුඩා හා මධ්‍ය පරිමාණ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ කෘෂිකර්ම වැඩ සටහන, කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.  මේ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ අලෙවි හා කර්මාන්ත කරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකී මැෂින්, නිවාස වල සිදු කරන වෙළඳ ව්‍යාපාර සඳහා ශීතකරණ, තරාදි හා වීදුරු සෝකේස් හා වෙනත් උපකරණ කට්ටල 50කට අධික සංඛ්‍යාවක් ලබා දීමට හඳුනාගෙන ඇත.

කෘෂි කර්මාන්ත හා ගෙවතු සංවර්ධන වැඩ සටහන් යටතේ සවිබල ගැන්විම සඳහා තෝරා ගෙන ඇති පවුල් සඳහා ගෙවතු සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත. මීට අමතරව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරමින් පවතී.

තම දරුවන් සමඟ දුෂ්කරව ජීවිකාව ගෙන යන වැන්දඔු කාන්තාවන් සහිත පවුල් සහ ගෘහ මූලිකයා ආබාධිත පවුල් 03ක් තෝරාගෙන නිවාස ඉඳිකර දීමේ වැඩ සටහනක් දිරිය පියස නමින් ක්‍රියාත්මක කරනු ලබයි.

News & Events

14
මාර්2019
 අපේ පිරිත් පිංකම

අපේ පිරිත් පිංකම

       රටටත් රටවැසියනටත් සෙත් පතා...

Scroll To Top