තොරතුරු දැනගැනීමේ අයිතිය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබාගැනීම සදහා පහත සදහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගීන් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කීරීම අනිවාර්ය නොවේ.
තොරතුරු නිලධාරියා,
ආර්.ඒ.එච්. චමිල කුමාර (නම)
සහකාර ප්‍රාදේශිය ලේකම් (තනතුර)
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,ඇලපාත, රත්නපුර (ලිපිනය)
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක -0452222958
විද්‍යුත් තැපෑල -mஇந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
01. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයීය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්,කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තිරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත.තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
04. ගාස්තු ගෙවීමන් පසු දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කීරීමට අවශ්‍ය හේතු සදහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
05. තොරතුරු ලබාගැනීම සදහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සදහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුල සිදු කරනු ඇත.
06. තොරතුරු ලබාගැනීම සදහා කරන ලද ඉල්ලීමකට අදාලව,
(i) තොරතුරු ඉල්ලීම සදහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්‍ෂේප කිරිම,
(ii) පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කීරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කීරීම,
(iii) පනත මගීන් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම,
(iv) සම්පුර්ණ නොවු,නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
(v) වැඩිපුර ගාස්තු අයකීරීම,
(vi) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්‍ෂේප කිරිම,
(vii) එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සදහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.
මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සදහන් නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරපත් කරන්න.
නම් කළ නිලධාරියා,එස්.ඒ. දිල්රුක් මිය
ප්‍රාදේශිය ලේකම් (තනතුර)
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ඇලපාත, රත්නපුර (ලිපිනය)
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක -දුරකථන : 0452225358
ෆැක්ස් : 0452230038
විද්‍යුත් තැපෑල - mஇந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
RIGHT TO INFORMATION ACT, No. 12 OF 2016
REGULATIONS PROMULGATED UNDER THE RIGHT TO INFORMATION ACT, No. 12 OF 2016
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අනුව 2018 වර්ෂයට අදාලව මෙම කාර්යාලයෙන් සපයනු ලැබූ තොරතුරු සාරාංශය
(අ). වර්ෂය තුලදී ලැබුණු මුළු ඉල්ලීම් ගණන සහ සපයන ලද සහ ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ප්‍රමාණය.
i. වර්ෂය තුලදී ලැබුණු මුළු ඉල්ලීම් ගණන - 23
ii.සපයන ලද තොරතුරු ප්‍රමාණය - 22
iii.ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ප්‍රමාණය - 01
(ආ). වර්ෂය තුලදී එකතු කරනු ලැබූ ගාස්තු මුදල - රු.870.00















